Wednesday, October 17, 2012

ගිම්හාන වර්ෂා - සිවුවන දිගහැරුම 


හීන් මල් වැහි අරන්
වසන්තය පැමිණිලා
සොඳුරු සරසවි බිමට
සිනාමල් පිබිදිලා

කඳුලකට ළඟ හිඳින
මහා පවුරක් වෙමින
බැ‍ඳෙයි මිතුදම් ලෙයට

ජීවිතේ පෙර නොවිඳි
මිහිරි බව විඳින්නට
හද කුටියෙ  සිරව සිටි
සොඳුරු සිතුවම්වලට
ඉඩහරිමි පියඹන්න















      ඒබ්‍රහම්  මාස්ලෝ, එල්ටන් මායෝ වැනි අයවළුන්ගේ න්‍යායයන්ගෙන් මාව හෙම්බත් වීයජෝන් නෑෂ්ලාගේ ගණනය කිරීම්  මට වදයක් විය. කෙට්ලර්ලාගේ මාකටිං මට  අරහං  වියබතාලා, ඩෝරලා ලෙක්චර්ස්  යද්දී  මම කට්ටි පැන්නෙමිමා තෝරා ගත් මඟ  විසින්ම මා අතරමං කර ඇති බවක් දැනුන හෙයින් මා අභ්‍යන්තරයෙන් මහා අගාධයකට  වැටෙමින් සිටින බවක්  මට දැනුණිජීවිතයේ   කිසිම කලක නොවූ  අයුරින්   මම හුදකලා වී සිටියෙමි.

            ලෙක්චර්  එක කට් ක‍ළේ මොකද මිනිහෝ?

        බතා ඈත සිට  කෑ ගසමින්  ඩෝරාත් සමඟ  මා වෙත පැමිණියේය.

            සිරාවට  මනේෂ්මොකද බං  උඹට  වෙලා තියෙන්නේකැම්පස් ඇවිත් දවස් කීයද? දැන්ම උඹ  ලෙක්චර්ස් කට් කරන්න පටන් අරන්ද?

           ඩෝරා මා සිටි බංකුවේ මා ළඟින්ම   ඉඳ  මගේ කරට අතක්  දමා ගනිමින්  ඇසුවේය. ඩෝරා හා බතාගේ පැමිණීම මට  සියල්ල අමතක කරවන්නක් විය. ඔවුන්ගේ මිතුරු ඇසුර නොවන්නට මා  මරු කතරක  අතරමං වනු ඇත.

     අනේ, මට බෑ බං  එස්කිමෝවරුන්ටත් අයිස් පෙට්ටි විකුණන්න  ඉගෙන ගන්නකොටින්ම කියනවා නම් මං  කැමැති නෑ මගේ ළඟින් ඉන්න   උඹලා දෙන්නවත් මගේ ගොදුරු විදිහට  දකින්න.

            විහිළුවට  වුවත් සැබෑවක් මම ඔවුන්ට  කීවෙමි.

            මේ බලපන්කො මෙයාගේ තවුසන්ඩ්  ටෝක්ස්කොහෙද  ඉතිං  උඹලාට වවා ගෙන කන්න පින නෑනේ

            ඩෝරාගේ කථාවට බතාද එක් විය.
           
            උඹ  දන්න ඉටි ගෙඩියතාම උඹලා ඉන්නෙ  මුල් අවධිය නෙ බං. මචං දැන් මේක සමාජ  ප්‍රතිලාභ ලබා දෙන, නැතුවම බැරි, මානව හිතවාදී  සංකල්පයක්කොහෙද  ඉතින්  උඹ  ඔය දාගෙන ඉන්න කණ්ණාඩියේ පාටට නේ උඹට   ලෝකෙ පෙනෙන්නේ

        “හරි, හරිඒවායින්  වැඩක් නෑ. ලෙක්චර්  එකට  මගේ අත්සන හරිනේඔන්න සෙමෙස්ටර් එන්ඩ් එග්සෑම් එකට  මට ලියන්න සියයට අසූව ඇටෙන්ඩන්ස් නැති වුණොත් නම් උඹලා දෙන්නාම මට අනිවාර්යයෙන්ම ගොදුරු දෙකක් විදියට පෙනෙයි පුතේ

            ඔව්  ඉතින්  උඹලාට  අපි ඉන්න හින්දම හොඳාඅත්සන් ගහලා මාට්ටු වුණු  දාට අපිත් ගස්ඒ ගන්න අවදානමට  අපිට ප්‍රතිලාභයකුත් තියෙන්න එපැයිවරෙන් යන්න කැන්ටිමටඅරන් දියන් උඹ ගානේ කන්න බොන්න

            බතා මාවත් ඩෝරාවත් කැන්ටිම වෙත ඇදගෙන ගියේය.

         බතා  නෙමේ මූට  සවුදම් ජෙමා  කියලායි  කාඩ් එක දාන්න  තිබුණේ.

            ඩෝරා කීවේය.

            බතා නම් පින් බතෙක්මය.   ඇස් වහක්  කට වහක් නැත, කෑම රුචිය නම් අඩුවක් නැතුව බතාට  හැම දාකම ඇත.   ඔහු  පහසුවෙන්  පෝෂණය කළ හැකි පුද්ගලයකු නොවීයසෑම විටම  දත කනුයේ යමක් ආමාශගත කිරීමටයයන එන තැනක  වතුර කරාමයක් හෝ දුටුවහොත්   අපරාදේ නොකියා එයවත් අත නොහැර  කරාමය  ඇර   වතුර ටිකක්  හෝ බී එයිබතා කෑවේ බීවේ ජීවත් වන්නට නොව   ඔහු ජීවත් වූයේ කෑමට  හා බීමටයබතාගේ ගෙදර උදවිය ඔහුට කොහොම කන්න බොන්න දෙනවා  දැයි  අපට ප්‍රශ්නයකිවැරදීමකි.   ප්‍රශ්නය, බතාට කන්න ‍දෙන්නේ කෙසේ දැයි යන්න නොව බතා ගෙදර ඉන්දැද්දී අනෙක් අය කන්නේ බොන්නේ කෙසේද යන්නයි.

        සෝමෙ අයියා, කාබාසිනියා  කරන්න මොනාද තියෙන්නෙ?

           බතා කැන්ටිමේ  සෝමෙ අයියගෙන් කෑමට යමක් ඇණවුම් කළේයබතාගේ ඇණවුමට  බර  පැන  දැරීමට ඩෝරාත් මා වෙනුවෙන් දායක වියඅනතුරුව ප්ලේන් ටී තුනක්ද ගෙන අප තිදෙනා  මේසයක් වෙත ගොස්    ගත් දෑ  කාබාසිනියා කිරීමට  පටන් ගත්තෙමු

            අපරාදෙ කියන්න බෑකැම්පස්  ආව එකේ ලොකුම වාසිය අපේ බතාට තමයි. මොකද කන්න බොන්න ටික අඩුවට  තියෙනවානේ නේද මචං?

            ඩෝරාගේ කතාවට මගේ මුවඟට සිනහවක් නැඟුණි.

         අනේ අම්මපකන්න බොන්න පුළුවන් මිනිහෙකුට ඔහොම ඊර්ෂ්‍යා කරන්න  එපා බං. උඹලා වාගේ ‍නෙවෙයි අපි  හොඳට  කාලා බීලා පුරුදු මිනිස්සු. අපි  කවදා හරි අකාල  මරණං  නොවේ, කාල  මරණංදන්නවාද?

            බතා බඩට තට්ටුවක්  දමන ගමන් කීවේයඔහු කෙරෙහි උපන් සහෝදර ප්‍රේමයෙන් මම ඔහුගේ බඩට  පහරක් ගැසුවෙමි.

            ඔන්න ඉතිං උඹලාගේ  ආණ්ඩුව කරන දේ නම්  මට කරන්න  එන්න  එපා

            බතාගේ  කතාවට  මම තුෂ්ණිම්භූත වූවෙමි

            මොකක්ද ඒ?

            බඩට ගහන එක

            අපි  තිදෙනාම සිනාසුනෙමු.

            ඒක නෙවෙයි මචං   ඇයි උඹ නේවි එකට යන්න හිතන් ඉන්නේ?
           
         සෑහෙන දවසක සිට ඩෝරාගෙන් ඇසීමට සිතා සිටි ප්‍රශ්නයක්  මම ඔහුගෙන්  ඇසුවෙමි.

            ඒක පොඩි කාලෙ  ඉඳන් මගෙ   හීනෙ  බංඅපේ මාමා  කෙනෙක් හිටියා  නේවි  එකේ. පොඩි කාලේ  ඉඳන් මගේ වීරයා වුණේ අපේ  මාමා තමයිඑයා දිහා බලාගෙනයි මමත් හැදුණේ වැඩුණේසමහර විට  ඒ හින්දා වෙන්නත් ඇතිහැබැයි  ඇත්තටම රට  වෙනුවෙන්  හමුදාවට යන එකත් ආඩම්බරයක්අනික  ඩිග්රිය  කම්ප්ලීට් කර ගෙන ගියාම හොඳ පෝස්ට් එකකට පැන ගත්තෑකි.

            ඩෝරාගේ කථාව  අතර වර්ෂා  සුබ්‍රමනියම් ඇතුළු දමිළ  නඩය  කැන්ටිමට ආවෝයවර්ෂා සහ තවත් දමිළ  යුවතියන් දෙදෙනෙක්   අපට දකුණු පසින්  කැන්ටිමේ කොනේ  හිඳ ගනිද්දී  අනික්  පිරිස   තේ කවුන්ටරය  වෙත ගියහමා ඇය දෙස බලා සිටියත් ඇය මා දුටු බවක් නම්  නොපෙනුණි

            මාත් කැමැතියි  නේවි එකට  යන්නඒත් මට පීනන්න බෑනේ බං

බතා තම හැඩි දැඩි  ශරීරය පෙන්වමින් කීවේය.

ඉතින්  පීනන්න නම් මටත් බෑනේ

ඩෝරා ඇඟට  පතට නොදැනී කියද්දී බතාගේ මුහුණේ ප්‍රහේළිකාවක් ඇඳුණි.

එහෙනම් උඹ කොහොමද  නේවි එකට  යන්නේ?

හරි බං, පීනන්න දැන ගන්න ඕනැද නේවි එකට යන්න  උඹ  හිතනවාද එයාර් ෆෝස්  එකේ ඉන්න අයට පියාඹන්න පුළුවන් කියලා

ඩෝරා, මාවත්  බතාවත් මහ හඬින් සිනා ගැස්වීමට සමත් විය. එම සිනා හඬ  කැන්ටිම පුරාම  විහිදෙන්නට ඇත. ඒ හඬට වර්ෂා අප දෙස බැලුවායඒ සුන්දර  මුහුණේ අවිහිංසක හිනාව  මා සිත  ඈ වෙත  අද්දවා ගත්තේ කෙසේ දැයි මම නොදනිමි



2 comments: