මේ මහා නියං සම
ඉරි තැලී බෙදී ගිය
මහ පොළොව හිත දවන
දිය සිදුණු විල් තෙරක
ගැහෙන මින් රළ ලෙසක
අඳුරු සරසවි බිමේ
අහිංසක යහළුවෝ
අහිංසක යෙහෙළියෝ
අහස දෙස බලාගෙන
නවකවදය හෙවත්
රැග් එක නිසාවෙන් අප ලද විශාලතම ප්‍රතිලාභය නම් අප හොඳින් එකිනෙකා දැන හඳුන ගැනීමයි. ඉහළ ඇත්තන්ගෙන් තැළෙන
විට පහළ ඇත්තන් එක්වීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ ධර්මතාවට අනුව නවකයන් වූ අප කුඩා කණ්ඩායම් වශයෙන් වෙන්
වෙන්ව හිටියත් බැජ් එකක් වශයෙන් දැඩි මිත්‍රත්වයක්
අප අතරේ විය. රැග් එකේ ප්‍රධාන
අරමුණ වශයෙන් ශ්‍රේෂ්ඨ උත්තමයන් කියුවේද
මේ ‘බැජ් ෆිට් එක” ය.
නමුත් රැග්
එක මඟ හැරී පිරිසට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. මුල් කාලයේදී ඔවුහු
මහත් අසරණ තත්ත්වයකට පත්ව සිටියහ.
රැග් එකට පැමිණ
රැග් වූ පිරිස බොහෝ නවකයන් මෙන්ම ඉහළ වසරවල සොයුරු සොයුරියන්ද දැන සිටි නමුත් රැග් එකට
නොපැමිණි පිරිස කිසිවෙක් දැන හඳුනා ගෙන නොසිටියහ. රැග් එකේ අවසාන ප්‍රතිඵලය රැග් එකට පැමිණි සහ නොපැමිණි
ලෙසින් මුළු බැජ් එකම දෙකඩ කිරීමයි. එය අවසන් වසරේ බැජ් එකේද දක්නට ලද හෙයින් සරසවි දිවියේ සිව් වසර තුළම මේ පිළිකුල් සහගත
බෙදීම එලෙසින්ම පවතිනු ඇත. එය නවකයන් වූ අපගේ වුවමනාවකට සිදු වූවක් නොවීය. එය අපගේ ඔළුවලට
දමනු ලැබුවේ ඉහළ වසරවල උත්තමයන්
විසින්ය.
රැග් එක සිදු
වූයේ සංවිධානාත්මක අයුරිනි. එහි පළමු සතියේදී හැකි
පමණින් නවක අප භය කෙරිණි. දෙවන සතියේදී
අවවාද හා අනුශාසනා ලැබිණි. තෙවන සතියේදී සිංදු කීම වැනි දෑ කෙරුණු අතර, සිවු වැනි සතියේදී නා නා ප්‍රකාර ඉදිරිපත්
කිරීම් කිරීමට සිදු විය. නවක නැව හෙවත් නව බැජ්
එක රැග් කිරීමට වරම් ලැබුණේ
දෙවන වසර ජ්‍යෙෂ්ඨ උත්තමයන්ටය. එය අධීක්ෂණය, තෙවන
වසර අති ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගෙන් හා
අවසන් වසර අති අති ජ්‍යෙෂ්ඨ උත්තමයන්
අතින් සිදු කෙරිණි. ඒ අනුව දෙවන වසර ජ්‍යෙෂ්ඨ උත්තමයන් අතරින් රැග් එක භාරව කටයුතු
කිරීමට ‘රැග් ලීඩර්’ කෙනෙකු කලින්ම
පත් කර ගෙන තිබුණේය. ඔහු ගිය වසරේ පළමු වසරේදී හොඳින් රැග් වූ කෙනකු
අතරින් තෝරා ගත් අයෙකි. රැග් කාලය තුළ එය සූක්ෂ්ම අයුරින්
මෙහෙය වනු ලබන්නේ ඔහු විසිනි. කිසිම
අයුරකින්වත් ඉහළ වසරවල සොහොයුරියන්ට
රැග් එකට කිසිම අයුරකින් හෝ දායක
වීමට අවසරයක් නොතිබුණි. එය එසේ නොවන්නට තත්ත්වය සෑහෙන්නට
වෙනස් වන්නට තිබුණි.
එමෙන්ම අලුත් නැව එනතුරු ඇඟිලි
ගනිමින් සිටි තවත් කොටසක් වෙයි. ඔවුන් නම්
නවක නැවෙන් ගොඩ යෑමට බලා සිටින පිරිසයි. එනම් නවකයන් අතරින් ගැහැනු ළමයකු
යාළු කර ගැනීමට බලා සිටින පිරිසයි. රැග් කාලය තුළ ‘පොරවල්’ ලෙසින් බොහෝ
විට හැසිරෙන්නේද මේ පිරිසමය. ඔවුන් තමන්ට හිත ගිය ගැහැනු ළමයා කරා
ගොස් ඇගේ අවධානය ගනු පිණිස ඈව
වැඩියෙන් රැග් කරයි. එවන් බොහෝ අයගේ ප්රයත්නයන් සාර්ථක වේ. රැග් එකෙන් පසු ඔවුන්ගේ
ව්‍යායාමය මල් ඵල ගැන්වේ. ජ්‍යෙෂ්ඨයන්
රැග් එකේදී නවක ගැහැනු ළමයකුව කොයි
තරම් සේදුවත් (යාළු කර ගැනීමට ලකුණු දා ගැනීමට තැත් කිරීම) එය ගොඩ දා
ගැනීමට හැකි වනුයේ රැග් එකෙන්
පසුවය. එබැවින් ඇතැම්
නවක සොයුරියෝ තමන්ට ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන එම ජ්‍යෙෂ්ඨයන්ව
රැග් කළහ. ඔවුන් ගණන් උස්සා ජ්‍යෙෂ්ඨයන්ව පස්සෙන් ගෙන්වා ගෙන රැග්
එකෙන් පසුව ගණන් නොගෙන අත් හරින ලදි. රැග් එකෙන් පසුව නවකයන්ට ජ්‍යෙෂ්ඨයන්ගේ කිසිම බලපෑමකට
යටත් නොවී සිටිය හැකි නිසා එසේ කිරීම ඔවුන්ට ඉතා පහසු කාර්යයක් විය.
නවක
බැජ් එකෙන් ගොඩ යෑමට බලා ගෙන සිටින
පිරිස තම අභිප්‍රාය සාර්ථක කර ගැනීම සඳහා අපගෙන් ප්‍රතිඥාවක් ලබා
ගත්හ. එය අපගේ අත් ඉදිරියට දික් කර සපථ කළ යුතු විය. එය මෙසේය:
“අපේ බැජ් එකේ ගැහැනු ළමයි අපට නොවේ. ජ්‍යෙෂ්ඨ උත්තමයන් වන ඔබලාටය. ඔවුන් අපේ ඇසට දැකීමට පමණි. ඔවුන් ගැන සිතීමට අවසර ඇත්තේ ඔබලාටය. අපි ඊළඟ නැව පැමිණෙන තුරු බලා සිටිමු.”
නමුත් එම ප්‍රතිඥාව කට වචනයට පමණක්ම සීමා විය. රැග් එකෙන් පසු බොහෝ දෙනෙක් ජෝඩු වූහ. නමුත් එය පිටට නොපෙන්වා රහසින් තම සම්බන්ධය
පවත්වා ගැනීමට ඔවුහු වග බලා ගත්හ. එම නිසා
කවුරුන් කා සමඟ ගොඩ ගොස් ඇත් දැයි
එකම බැජ් එකේ වූ අපටවත් හරි හැටි තේරුම් ගැනීමට නොහැකිය.
ජ්‍යෙෂ්ඨයන් පවසන අන්දමට රැග් එකේ ප්‍රධාන අරමුණ ‘බැජ් ෆිට් එක’ ඇති කිරීම වුවද
ඔවුන් රැග් කාලය තුළම නවකයන්ට බැම්මක් ගසා
හොස්ටල් හා හොස්ටල් නොවන
ලෙසින් වෙන් කරන ලදි. අප ෆැකල්ටියේ
බලය ඇත්තේ අනේවාසීක පිරිසටය. එනම් කවුන්සිලය පැවතියේ අනේවාසිකයන් සිටි පක්ෂයේය. අලුත් බැජ්
එකක් පැමිණ මාසයකින් පමණ පසුව ‘ශිෂ්‍ය
කවුන්සිලයට’ නාම යොජනා
ඉදිරිපත් කිරීම සිදු වේ. ෆැකල්ටියේ වැදගත් යැයි කිව හැකි සියලු
කටයුත්තක් පාහේ කවුන්සිලය හරහා සිදු වෙන බැවින් ඒ සඳහා ෆැකල්ටියේ ප්‍රධාන
තැනක් හිමි විය. ඒ අනුව දේශපාලන
පක්ෂ කවුන්සිලයේ බලය තහවුරු කර ගැනීම සඳහා
නාම යෝජනා භාර දෙයි. ප්‍රධාන දේශපාලන
පක්ෂ දෙක නේවාසික හා අනේවාසික ලෙස
බෙදී තිබුණි. අප ෆැකල්ටියේ නේවාසික
පිරිස සුළු ගණනක් වූ නිසා කවුන්සිලය හිමි වීමේ වැඩි වාසිය අනේවාසික පක්ෂය සතු විය.
මසුරන් දන්නා හිතෙනවා කටට
ReplyDelete:))) බොහෝ තුති
ReplyDeleteඅවුරුදු කිහිපයකට පස්සේ මේ ෆැකල්ටියෙම ඉන්න මට මේ ටික මෙහෙම ම හිතුනා
ReplyDelete