නුඹේ අත හැර
නොයමි
නුඹ වෙතින් පිට නොවෙමි
දුක් කටොළු
මාවතේ
නුඹව තනිකර නොයමි ....
නෙතඟ කඳුළැල් පුරන
දොම්නසින් සිත දවන
මේ මහා ගණඳුරේ
නුඹේ අත හැර
නොයමි ....
සිත බියෙන් වසාලන
ගණඳුරට එළිය වෙමි
නුඹේ ඔය මුවඟ මත
සිනා මල් පුබුදුවමි ....
රැග්
කාලයේදී රකුස් වෙස් ගත් බොහෝ
උත්තමයන්ගේ සැබෑ ස්වරූපය සැබැවින්ම සහෝදරාත්මක
මිත්‍රශීලි එකක් වූයේය. බොහෝ රකුසු වෙස්
ගත්තෝ පසුව අප සමඟ දැඩි ලෙස මිතුරු
වූහ. ඔවුහු අප වෙනුවෙන් ‘ෆ්රෙෂස් ෆෙස්ට්’
එකක් සූදානම් කළහ. එම ප්‍රසංගයේ සංවිධානය දෙවන වසරේ ශිෂ්‍යයන් කළ අතර, එහි ඉදිරිපත් කිරීම්
පළමු වසරේ අප විසින් කළ යුතුව
තිබුණි. නාට්‍ය, ගායන, නර්තන හා නොයෙකුත් අංග සඳහා තරගයකින් අනතුරුව අප අතරින් ඒ සදහා දක්ෂතමයන් තෝරා ගන්නා ලදී. මා එහි සංවිධානය වෙනුවෙන් දායක වුවත් එහි අංගයන් සඳහා ඉදිරිපත් නොවූයෙමි. වර්ෂා දමිළ යෙහෙළියනුත් සමග අංග
කීපයක් සඳහාම සූදානම් වූවාය. සියලු පුහුණු වීම් කටයුතු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි. වර්ෂා පුහුණු
වීම් කටයුතු නිමා කර පැමිණෙන තෙක් මම
සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති
දැවැන්ත සිංහ ප්‍රතිමාව අබියස රැඳී
සිටියෙමි. එම පෙදෙස
පෙම්වතුන් සඳහා ඔවුන් විසින්ම වෙන් කර ගත් නිල ප්‍රදේශයක් විය. එහි වූ සිංහයා
තරම් පෙම් බස් අසන, පෙම් කෙළි දකින තවත් කෙනෙක් නොමැති තරම්ය. යම්
ලෙසකින් ඌ පණ ලද හොත් පණ එපා යැයි
සිතා එතැනින් දුවනවාට නම්
කිසිදු සැකයක් නැත. එහෙයින් පුහුණු වීම් අවසන් වන වේලාවට මොහොතකට කලින්
එතැනට යෑමට මම වග බලා ගත්තෙමි.
“ඔන්න කෙටි ආරාධනාවක් තියෙනවා ඔයාට”
පුහුණුවීම් කටයුතු අවසන් වී අප
ෆැකල්ටිය වෙත යන අතර වර්ෂා කීය.
“ඒ මොකක්ද?”
“අපේ අක්කාට ඔයාව බලන්න
ඕනෑ කිව්ව ළගදීම ඔයාව ගෙදරට එක්කර ගෙන එන්න කිව්ව.”
“නෑ...!”
“නෑ නෙමේ, ඔව්”
“ඔයා මං ගැන අක්කාටත් කිව්වද?”
“ඇයි හොඳ නැද්ද? ගොඩක් දවස් මං ඒ ගැන කියල’
“නෑ, නෑ, වරදක් නෑ.
කවද්ද යන්නේ?”
“හෙට
යං”
“හෙටම...?”
“ඔව්, හෙටම
යමු”
ඇගේ බලවත් පෙරැත්ත මත
පසු දිනම නුගේගොඩ පිහිටි ඇය හා ඇගේ
සොයුරිය විසූ නිවසට යෑමට මට සිදු විය. ඇගේ
වැඩිමල් සොයුරිය ‘යෙහෙන්යා’ වූවාය. ඈ පෞද්ගලික ආයතනයක රැකියාවක් කළාය. ඈ වර්ෂා තරම් නොවූවත් ප්‍රියජනක ලස්සන
යුවතියක් වූවාය. ඈ සෙනෙහෙවන්ත
ලෙස මා පිළිගත්තාය. ඈටද
වර්ෂාට මෙන්ම සිංහල කථාව හොඳට කළ
හැකි විය. දෙසොහොයුරියන් ඉතාමත්
අලංකාර ලෙස සිය පුංචි නිවහන
පවත්වා ගෙන යන බව පෙනුණි. සැබැවින්ම එය ප්‍රිය
උපදවන පුංචි නිවහනක් විය.
“මල්ලිගේ ගෙවල් කොහෙද එතකොට?”
සොයුරිය ඇසුවාය.
“මං රාජගිරියේ අක්කේ”
“ආ... එහෙම නම් මේ ළඟ නේ. පවුලේ කවුරු කවුරුද එතකොට ඉන්නේ?”
“අම්මායි, තාත්තායි, මායි, මල්ලියි”
“අපිත් එන්නද, ළඟදි ඒ පැත්තෙ?”
“අපෝ දැන්ම එපා.”
මා එසේ පවසන විට දෙසොහොයුරියෝ
සිනාසුණහ. මම ද සිනාසුනෙමි.
ඒ සුන්දර නිවසෙහි
ප්‍රීතිමත් හෝරා කීපයක් ගත
කිරීමෙන් අනතුරුවය මට ඒමට අවසර ලැබුණේ. මා එන විට වර්ෂාගේ
සොයුරිය නිවසෙහි දොරකඩ තෙක් ආ අතර, වර්ෂා ගේට්ටුව තෙක් මා සමඟින් පසු ගමන් ආවාය. මම
යෑමට සැරසී ඇය වෙත හැරුණෙමි.
“පරිස්සමින් යන්න මනේෂ්”
ඈ බොහොම අහිංසක ලෙස කීවාය. ඒ දෙනෙත්වල වෙනදා
මා නොදුටු අමුතු යමක් ගැබ්ව ඇති බව මට
දැනුණි. ඇගේ දෑස් කියවා ඒ කුමක් දැයි තේරුම් ගැනීමට
මම අපොහොසත් වූයෙමි.
“ෆ්රෙෂස් ෆෙස්ට්” දිනයේදී වර්ෂා ඉතා රූමත්ව අන් යුවතියන් අතරින් කැපී පෙනුණි. ඇය මිහි බට සුරඟනක්
සිහි ගැන්වීය. ප්රසංගයේදී ඇගේ නර්තන හැකියාවන් මනාව පිළිබිඹු විය. කණ්ඩායම් නර්තනයට අමතරව
ඇය තනිවමද නර්තනයෙහි යෙදුණි. ඇය තනියෙන්
නර්තනයෙහි යෙදෙන විට මම
දැහැනට සම වැදුණාක් මෙන් ඇය දෙස බලා
සිටියෙමි. සියල්ලෝම ඇගේ නර්තනයෙන් අමන්දානන්දයට පත් වූහ. මෙලෙසින් සියල්ලන්ම
තම වසඟයට නතු කර ගනිමින් ඒ වෙලාවෙහි
වේදිකාවේ නර්තනයේ යෙදෙන සුරූපිනිය
මගේ නොවේදැයි මට සිතිණි. එලෙසින් සිතීමත් මට සතුටකි. ඇගේ නර්තන හැකියාවන් නිසාවෙන් ඈටත් වඩා
එහි ගෞරවය හිමි වූයේ මා හටය.
ප්‍රසංගය
අවසානයේදී වැඩි දෙනා සුබ පැතුවේ ඈට නොව
මටය. වර්ෂා මගේ වීම මගේ ආත්මාභිමානය හා සතුට තව තවත් වැඩි
කිරීමට හේතුවක් විය.
ප්‍රසංගය පිළිබඳව කිව යුතු වන්නේ එය ඉතා සාර්ථක එකක් වූ බවය. එහි සංවිධානය මෙන්ම අප සොයුරු
සොයුරියනගේ ඉදිරිපත් කිරීම්ද අතිවිශිෂ්ට බව කිය යුතුය. ප්‍රසංගය අවසන් වෙද්දී අඳුරු වැටෙමින් තිබූ අතර, ඒ වන විටත් ක්‍රීඩා භූමියේ සකස් කරන ලද විශේෂ එළිමහන් ප්‍රදේශයක රාත්‍රී භෝජන
සංග්‍රහයක් පිළියෙල වෙමින් තිබුණි. මම, වර්ෂා, බතා හා ඩෝරා සමඟ එහි මේසයක සතුටු
සාමීචියේ යෙදෙමින් සිටියෙමි.
හදිසියේම ඉහළ අහසේ
කුමක් දැයි තේරුම් ගත නොහැකි ආලෝක ධාරා රාශියක් විහිදෙන්නට විය. අපි සියල්ලෝම ඒ
දෙස බලමින් ක්‍රීඩා පිටියේම රැඳී සිටියෙමු. ඒත් සමඟම සයිරන් නළා හඬක් ඇසුණි. තත්ත්වය තේරුම් ගත් කල සියල්ලෝම හිස් ලූ ලූ අත දිවූහ. කොළඹ නගරයට ත්‍රස්තවාදී ගුවන් ප්‍රහාරයක් එල්ල වෙමින්
තිබුණි. ලෝකයේ ගුවන්
ශක්තිය ඇති එකම හා දරුණුම ත්‍රස්තවාදී කල්ලියේ ගුවන් යානා කිහිපයක් අප හිසට උඩින් පියාසර කරමින් තිබුණේය. මම වර්ෂාගේ අතින්
අල්ලා ගෙන ආරක්ෂිත යැයි හැඟුණු
ගොඩනැඟිල්ලක් වෙත දිව ගියෙමි. බතා හා ඩෝරාට ඔවුන්ගේ ආරක්ෂාව සලසා ගත හැකි හෙයින් ඒ අවස්ථාවේදී මා ඔවුන් ගැන නොබැලූ
අතර මට අවශ්‍ය වූයේ වර්ෂාගේ
ආරක්ෂාව තහවුරු කිරීමටය. ඇය බෙහෙවින් බිය වී ඇතැයි
මට සිතිණි. නමුත් ඈ බිය වී නොසිටියාය. ඒ වෙනුවට මහත් සානුකම්පිත මුහුණුවරකින් ඈ මා දෙස බලා
සිටියාය. එමෙන්ම ඈ මගේ දකුණත වැරෙන් අල්ලා ගෙන සිටියාය.
“වර්ෂා, ඔයා මෙතැනට වෙලා ඉන්න. මම ඉක්මනට අනෙක් අය ගැන බලලා එන්නම්”
මගේ දකුණත අල්ලා සිටි ඇගේ දෑත මත මගේ
වමත තබමින් මම කීවෙමි.
“අනේ එපා මනේෂ්... ඔයා මං ළඟට වෙලා ඉන්න ප්ලීස්.. කොහෙවත් යන්න
එපා”
ඇය මගේ දෑත තවත් වැරෙන් අල්ලා ගනිමින් කීවාය. ඒ මොහොතේ ඇගේ දෙනෙත්වල ලියැ වී තිබුණු ආයාචනය ඇගේ වාචික ආයාචනයට
වඩා බලවත් විය. මම ඈත් සමඟ එහි රැඳුණෙමි.
වාසනාවට ඒ මොහොතේ කිසිවකු ක්‍රීඩා පිටියේ රැඳී නොසිටියේය. සියල්ලෝ ආරක්ෂිත
ස්ථාන කරා ගොස් සිටියහ. බතා හා ඩෝරාද අප පිටුපසින් සිටිනායුරු මම දිටිමි. විනාඩි කීපයකින්
ඉහළ අහසට වරාය දෙසින් වෙඩි පහරවල් නිකුත් වුණු අතර, පැය භාගයක් ඇතුළත ඒ සියලු හරඹ අවසන් විය. ත්‍රස්තවාදී හරඹත් අවසන් වූ බව අපට
ටික මොහොතකින් ආරංචි විය.
මම වර්ෂාව ගෙදර ඇරලුවෙමි. ඈ බසයට නැඟි
අවස්ථාවේ සිට මගේ අත වැරෙන් අල්ලා
සිටියා විනා මා සමඟ කිසිවක් කථා නොකළාය. එපමණක් නොව ඈ මගේ මුහුණද නොබැලුවාය.
“මනේෂ්... ඔයා
අද අපේ ගෙදර ඉන්නවාද?”
ගෙදරට ඇරලූ අවස්ථාවේදී ඈ මගෙන්
විමසුවාය.
“එහෙම හොඳ නෑනේ වර්ෂා. අපේ ගෙදර අයත්
බය වෙලා ඇති නේ. ඇරත් දැන් ඉතින් ප්‍රශ්නයකුත් නෑනේ”
මගේ පිළිතුරින් ඈ නිහඬ විය. මා ඇය සනසා
යන්නට සැරසුණු විට,
“පරිස්සමින් යන්න මනේෂ්.. පුළුවන් නම් හෙට ටිකක් උදෙන්ම එන්න” යැයි පමණක් පැවසුවාය.
20.02.2009
ReplyDeleteboom boom boom
ReplyDeletegetting interesting day by day
wawla- ethakota campus awillath nati unata mathakai ne :)
ReplyDeletenaana- keep in touch :)
Ow... Mata mathakai aiya kenek kiwwa siddiya.. :)
ReplyDelete