සරසවිය
පිරුණි සිත
පැතුමන්
දහසකින්
වැසුණි නෙත
සොඳුරුබර හැඟුමකින්
තබා පය
කටුවලින්
ගොතා ලූ පලස මත
සොයා මා
ජීවිතය
ගියෙමි
සරසවිය වෙත.......
දෙනෝ දාහක් ජ්‍යෙෂ්ඨ උත්තමයන්, අති ජ්‍යෙෂ්ඨ උත්තමයන්, අති අති ජ්‍යෙෂ්ඨ උත්තමයන් අතරින් මම විශ්ව විද්‍යාලයයේ අප පීඨය වෙත පිය මැන්නෙමි. “කුණු ෆ්‍රෙෂෙක්” වූ මා කොයි මොහොතක හෝ උත්තමයකුගේ ඇසකට ලක් වන බව දනිමි. එතෙක් කිසිවෙක් නොදැක්කා සේ බිම බලාගත් වනම මම ඔවුන් අතරින් ගමන් කළෙමි.
“අඩෝ කණ්ණාඩි පොළඟා... මෙහෙ
වර...”
එය උත්තමයකුගේ ආමන්ත්‍රණයක්
යැයි නිගමනයකට සාධක අවශ්‍ය නොවීය. තෙල් බැම්මේ සිට රකුසු බැල්මක් මා වෙත යොමු කෙරූ උත්තමයා වෙත මා යැවුණේ ගැහෙන හදවතිනි.
“අඩෝ, මොකද උඹ පරක්කු? තොපිට
උදේ හතට කලින් එන්ඩ කියලා නේද තියෙන්නේ
යකෝ?”
උත්තමයා නහර
පුප්පා ගෙරවීය.
අප ඉගෙන ගෙන ඇති අන්දමට දුබලයා
ප්‍රබලයාගේ ගොදුර වනුයේ කැලෑවේදීය. සරසවි නවකවද කාලයද කැලෑ නීතිය
රජ කරවන සමයකි. නවකයන් ජ්‍යෙෂ්ඨයන්ගේ රසවත් ගොදුරුය.
“කථා කරපන් යකෝ”
මගේ ගොළු බව හමුවේ ඔහු කෝප
වීය. මම තවදුරටත් මුනිවත රැකීමි. සැබැවින්ම මට කථා කරන්නට අවශ්‍යය. නමුත් සිතිවිලි
වචන බවට පත් නොවන්නේය. මටත් වඩා අසරණ තත්ත්වයකට පත්ව ඇත්තේ අප උත්තමයාය. ඔහු මගේ
උපැස් යුවල උදුරා ගත්තේ හසුරුවා ගත නොහැකි වූ ප්‍රකෝපයකිනි.
“කියාපිය බලන්න, තෝ කණ්ණාඩි
දාන්නේ මොකටද කියලා?”
උපැස් යුවළ කරකවන ඔහුගේ ඊළඟ ප්‍රශ්නය ඉදිරිපත් විණි.
“දුර පේන්නේ නෑ අයි...යේ”
ඒ වචන කියැවුණාද යන්න
මටම සැක සහිතය. කෙසේ මා මෙලෙස බියගුලු වුණා දැයි මටම නොතේරේ. ඇත්තෙන්ම මෙය මා නිර්භීත විය යුතු අවස්ථාවක් නොවේ. කියන දෙයක් අසා ගෙන, කරන්න
කියන දෙයක් කර ගෙන, සිටීම තරම් නුවණැති දෙයක් මේ කාල වකවානුව තුළ නවක අප වෙත නොවන බව මම සක්සුදක් සේ පැහැදිලි කර ගෙන
සිටීමි.
සරසවියේ නවක වදය
ගැන මෙහි ඒමට පෙර අසා තිබුණද එය මේ තරම් රළු එකක් වේ යැයිද
එය මෙතරම් පීඩාකාරී එකක් වේ යැයිද
මම හීනෙකුදු නොසිතුවෙමි. ඊයේ
දිනයේදී එනම් නවක අප සරසවියට පය තැබූ මුල්ම අවස්ථාවේදී තත්ත්වය මීට හාත්පසින්ම
වෙනස් විය. ෆැකල්ටියේ නම් රෙජිස්ටර් කිරීමෙන් අනතුරුව අපට ජ්‍යෙෂ්ඨ සොහොයුරු
සොහොයුරින් විසින් තේ පැන් සංග්‍රහයක්ද
සූදානම් කර තිබුණි. එයින් පසු රඟහලේදී අප වෙනුවෙන් පිළිගැනීමේ
උත්සවයක් සංවිධානය කර තිබුණි. එය
නැටුම්, ගැයුම්, රැඟුම්, සපිරි සුපිරි උත්සවයක් විය. ඒවා නැරඹීමේදී සරසවිය විනෝදාස්වාදයෙන් යුත්
තෝතැන්නක් බව මා මෙන්ම අනෙක් නවකයන්ද සිතන්නට ඇත. නමුත් ඒ සිතිවිල්ල සම්පූර්ණයෙන්ම
කනපිට ගැසීමට ගත වූයේ
ඉතා සුළු වේලාවකි. ජ්‍යෙෂ්ඨයන්
රඟහලේ පිටුපස සිට
වැඩ අරඹා තිබුණී. රඟහලේ වේදිකාව මත නොයෙකුත් දෑ ඉදිරිපත් වුණද ඊට වඩා දෑ අප අතර රඟ දැක්වුණි; ගායනා
කෙරුණි. ‘නවක නැව’ උදෙසා නිල නොවන ලෙසට නවක වදය ආරම්භ
කෙරුණු අතර අද දිනයේදී එය නිල වශයෙන් ආරම්භ වන බවටද ප්‍රකාශ කෙරිණි.
“ කියපන් බලන්න, උඹට ඉර පේනවාද?”
“ඔව් අයියේ...”
“උඹට හඳ පේනවාද?”
“ඔව් අයියේ...”
“ඈ බොල, තොට ඉරයි හඳයි පේනවා නම් ඊට
වඩා මොන දුරක් බලන්නද යකෝ?”
උත්තමයාගේ කථාවට අහල පහළ සිටි උත්තමයන්ටද
හිනාය. මම බිම බලා ගත්තෙමි.
ඒ අතර, වෙනත් උත්තමයකුගේ ග්‍රහණයට හසුව සිටි
ගැහැනු ළමයෙකු එම උත්තමයාගේ අණ පරිදි අප වෙත ආවාය. ඇය දමිළ
යුවතියකි. තද කොළ පැහැයෙන් යුත්
ඇගේ සල්වාරියත්, කහ පාටින් වූ නළලේ
තිලකයත් ඇය දමිළ බව පසක් කරවීය. ඈ යුවතියක් වුවද ඒ
උත්තමයාගේ අනුකම්පාව ලැබීමට තරම්
වාසනාවන්තියක් නම් නොවූවාය.
“උඹ කියපන් බලන්න, මෙතැන ඇඟිලි
කීයක් තියෙනවාද?”
ඇඟිලි දෙකක් නමා ගෙන,
තුනක් දිග හැර තම අත ඉහළට ඔසවමින් උත්තමයා ඇගෙන් ඇසීය.
“තුනයි”
සෙමෙන් දෙන ලද පිළිතුර
සිංහල නුහුරු බවක් පෙන්නුම් කර වීය.
“ඈ බොල, මෙතැන තොට ඇඟිලි තුනද පේන්නේ? එතකොට මේ නවාගෙන ඉන්න ඇඟිලි
දෙකඇඟිලි නොවේද? මේකිටනේ මේ ඇස් පේන්නේ නැත්තේ?
අඩෝ කොල්ලා, මෙන්න මේ තොගේ
කණ්ණාඩිය මේකිට දාපං”
උත්තමයා උපැස් යුවළ මා වෙත දිගු කළේය. මා එය අතට
ගෙන ඈ වෙත හැරුණෙමි. පුංචි කඳුළු
බිඳු දෙකක් ඇගේ දෑස් කෙවෙනි තුළින් රූරා බිමට
වැටෙන්නට දඟලන බවක් මම දුටිමි.
උපැස් යුවළ මා ඈට
පළන්දද්දී ඒ කඳුළු බිඳු දෙක මා
ඉදිරියේ බිමට වැටුණි.
කුමක් කරන්නද? ඇයත් මාත් මෙන්ම තවත් පන් සීයකට ආසන්න අප නවක සියලු දෙනාම අසරණ වී සිටින්නෙමු; අන්ත අසරණ
වී සිටින්නෙමු. ඒ, ජීවිතයේ කිසිම දිනක නොවූ අන්දමිනි. දේශන
පටන් ගැනීමට තවත් බොහෝ වේලා තිබූ බැවින්, කලිසමේ එක් කකුලක් දණහිස තෙක්
නවා ගෙනද, කමිසයේ එක් අතක් වැලමිට තෙක්
නවාගෙන අනෙක දිග හැරගෙනද, බඳ පටිය බඩෙහි බැඳ ගෙනද, එළිමහන්
බංකුවක තනි කකුලෙන් සිට ගෙන නැඟෙනහිර
අහසෙහි පැය දෙකක පමණ ගමන් කාලයකින්
පසු දීප්තිමත් ලෙස පායා තිබූ හිරුට තව දුරටත් ඉහළ යාමට නොදී නැඟෙනහිරින්ම
බැස්සවීමේ දැඩි උත්සාහයක නිරත වීමට මට
සිදු විය. මා අසල සිටි දමිළ යෙහෙළියගේ මෙන්ම
අන් නවකයන්ගේ තත්ත්වයද මට සමාන විය. එය
අවසන් වූයේ උත්තමයන් තෙල් බැම්මේ සිට තෙල්බෙදීමට
පටන් ගත් විටය. එනම් අපගේ මොළ සේදීම හෙවත් ‘බ්‍රේන්
වොෂ්’ කිරීමට පටන් ගත් තැන පටන්ය.
එලෙසින් පළමු දින
සහෝදරාත්මක උණුසුම් පිළිගැනීමකින් අනතුරුව
සරසවි දිවියේ ගෙවන දෙවන දිනයේදී
කුණු ෆ්‍රෙෂාලා වූ අප සැමගේ ඔළුවල තිබූ කුණු ඉවත් කිරීමේ දෙවන, තෙවන
හා අවසන් වසරවල සිසුන්ගේ එනම් ජ්‍යෙෂ්ඨ
උත්තමයන්ගේ, අති ජ්‍යෙෂ්ඨ
උත්තමයන්ගේ හා අති අති ජ්‍යෙෂ්ඨ
උත්තමයන්ගේ මහා වැඩ සටහනට අපි සහභාගි
වෙමින් සිටියෙමු.
බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා යාළු....මේ සුන්දර නිර්මාණය වගේම තවත් සොඳුරු නිර්මාණ ලෝකයට දායාද කරන්නට අවැසි ධෛර්යය ශක්තිය නොඅඩුව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....!!ජය වේවා...!!!
ReplyDeleteසුබ පැතුම්!! දිගටම ලියන්න....
ReplyDeleteළහිරු, බ්ලොග් අවකාශයට උඹව සාදරයෙන් පිලිගන්නවා. උඹට ගිම්හාන වර්ශා වලට අමතරව තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
ReplyDelete@nileeka- බොහොම ස්තූතියි නිලීකා, බොහොම ස්තුතියි මේක හදා ගන්න උදවු කළාට. මේක වැඩිදියුණු කරගන්නටත් උදවු ඕනේ :)))))))))))))
ReplyDeleteabithi hulangama- බොහොම ස්තුතියි යාළු... තාම බ්ලොග් එකකට reply කරන්නවත් හරියට දන්නේ නෑ. ඉස්සරහටත් මේක කියවයි කියලා බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි
dasun- බොහොම ස්තුතියි මචං
හරවත් නිර්මාණ ඉදිරියටත් කරන්න හදවතින්ම සුබ පැතුම් අය්යේ..ජයෙන් ජය!!!!
ReplyDeleteබොහොම ස්තුතියි නංගි :)))))
ReplyDeleteසුභ පැතුම් අයියේ.. දිගටම ලියන්න.... :)
ReplyDeleteබොහොම ස්තුතියි! :)
ReplyDeleteඅදනේ දැක්කේ...මචං දිගටම ලියමු.. හරි සුන්දරයි... ජය වේවා....!
ReplyDeleteගොඩක්ම ආසාවෙන් කියවපු පොතක් මචන්.............. ගොඩක් පරිස්සමින් තියාගෙන ඉන්න පොත් සෙට් එකට ගිම්හාන වර්ශා එකතු වුනා පලවෙනි දවසෙම :)
ReplyDeleteඅනේ, මං නිකමට සර්ච් කරද්දි මේක මට
ReplyDeleteහම්බුනේ..
දැනිලා තියෙනවද අවුරුදු පහලවක් දාසක් තිස්සේ හොයපු දෙයක් හම්බවෙන හැඟීම..! මං දැන් ඉන්නේ ඒ සතුටෙන්..!
'ගිම්හාන වර්ෂා' මං කියෙව්වා. මීට අවුරුදු ගානකට කලින්. මට අවුරුදු දාහතරෙදි පහලවෙදි වගේ. මැද්දෙන් මැද්දෙන් තිබ්බ චූටි චූටි දුක හිතෙන කවි ගොඩක් මට අදටත් කටපාඩම් හිටින්න තරම් ඒ කාලේ මං මේක පුදුම ආසාවෙන් කියෙව්වා. මං හිතන්නේ ඔය මං කියවපු පලවෙනි ආදර කතාව.
ඒ වගේම මට විශේෂ දවසක, ලස්සන මතක සැමරුමක් විදිහට ලැබිච්ච පුංචි පොතක් ඒක..!
ඒත් ඒක මං කියවලා දවස් දෙක තුනකින් අඳුරන කෙනෙක් ' අනේ මං කියවලා ගෙනත් දෙන්නම් නංගි' කියලා ඉල්ලන් ගියා. පස්සේ ආයේ මං ඉල්ලද්දි එයා ගෙනිච්චේත් නෑ කිව්වා. මට ගිම්හාන වර්ෂා පොත නැති උනා. අවුරුදු ගානක් මං ගිම්හාන වර්ෂා හෙව්වා. අදටත් පොත හහම්බවුනේ නැහැ. ප්‍රින්ට් එකෙත් නෑ මං හිතන්නේ. අද නිකමට මං සර්ච් කරලා බලද්දි මේක මෙහෙම හම්බවෙද්දි ඉතින් මට කොච්චර සතුටුද..? ආයේ කවදාවත්ම කියවන්න බැරි වෙයි කියලා හිතපු ගිම්හාන වර්ෂා මට ආයෙමත් කියවන්න පුළුවන්..!
මෙච්චර අවුරුදු ගානකට පස්සේ හම්බවෙන්න, මේක බ්ලොග් එකක අප්ලෝඩ් කරලා තිබ්බට ස්තූතියි..!
ඔය අතිරේක කතා ඔක්කොටම පස්සේ ගිම්හාන වර්ෂා ගැන මං පුංචි වචන ටිකකින් කියන්නම්..!
පුංචි කෙල්ලෙක් එකම එක වතාවක් විතරක් කියවපු පොතක්, අවුරුදු පහළවකට දාසයකට පස්සෙත් එයාට තාම අමතක නොවෙන්න තරම්, එයාට ඒ කවි තාම කට පාඩම් හිටින්න තරම්, එයා ඒ පොතේ පිටපතක් එයාගෙම කරගන්න අදටත් පොත් සාප්පු පීරන්න තරම්..! ගිම්හාන වර්ෂා එච්චර ආස හිතෙන පොතක් උනා..! 🥺❤️