යා නොහැක මට
අතර මඟ හැර දමා
“ජීවිතය”
කුළුදුලේ සොයා ගත්
අවදි වනු නොහැක මට
අතර මඟ දමා
“සුබ සිහින”
නුඹ නමින් මවා
ගත්
මකාලනු නොහැක මට
මතක සිතුවම් පොතෙන්
“සොඳුරු බව”
නුඹ සමඟ බෙදා ගත්
ඉඩක් දිය නොහැක මට
හදවතට එබෙන්නට
“තනිකමට”
නුඹ මගේමයි තවත්
මම ඔබට කතාවක් කිව්වෙමි. නමුත් මගේ කථාව ඇරඹෙන්නේ මෙතැන් සිටය.
මම ස්වභාවයෙන්ම
ඒ තරම් ප්‍රියජනක පුද්ගලයකු නොවීමි. ඒ නිසාවෙන් යහළුවන් යැයි බොහොමයක් මා වටා
සිටියේ නැත. සිටි
යහළුවන් සමඟත් මිත්‍රශීලි
සුහද ආශ්‍රයක් ඇති කර ගැනීමට මා අපොහොසත් වුණිමි. එබැවින්ම මා බොහෝ විට තනිකමින් හා පාළුවෙන් කල් ගෙව්වෙමි. මගේ ජීවිතය නීරස
එකක් විය. මට කිසි අරමුණක් තිබුණේ
නැත; බොහෝ සිහිනයන්
තිබුණේද නැත. මගේ ජීවිතය ඔහේ ගලා ගෙන ගිය එකක් විය. නමුත් මම අධ්‍යයන කටයුතුවල ඉතා උනන්දුවෙන් නිරත වූයෙමි. එයින් මගේ තනිකම, පාළුව ඇතැම් විට මැකී ගියේය. එහි ප්‍රතිඵලයක්
ලෙස සරසවි වරම් හිමි කර ගැනීමට මට හැකියාවක් ලැබුණි.
සරසවි ජීවිතය මා
වෙනස් කරනු ඇතැයි යන්න මගේ ඒකායන බලාපොරොත්තුව විය. සරසවිය මගේ දිවියට නව ජීවයක්, නව රිද්මයක් එක් කරනු ඇතැයි මම සිතුවෙමි. ඒ වෙනුවෙන් මා
ප්‍රාර්ථනා කළෙමි. නමුත් සරසවියට ඇතුළු
වීමත් සමඟ මගේ තත්ත්වය කබලෙන් ළිපට
ඇද වැටීමකට සමාන විය. මා උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගත් විෂය ධාරාවන් හරහා ලබන සරසවි අධ්‍යාපනය විසින් මා අතරමං කරනු ලැබීය; ජීවිතයේ දෙවරක්
නොලැබෙන අවස්ථාවක් මඟින් මා තවත් අසරණ කරනු ලැබීය. මට හැරීමට
වෙනත් මඟක් නොපෙනුණි. බතා හා ඩෝරා යන සුහද මිත්‍රයන්
දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිදු
ප්‍රියජනක දෙයක් සරසවි ජීවිතය තුළ
මට නොවිණි. මම දේශන සඳහා
සහභාගි නොවූයෙමි; අතරමංව
හුදකලාව කල් ගෙවුවෙමි.
එවන් තත්ත්වයක මා සිටියදීය, වර්ෂා සුබ්‍රමනියම් නම් වූ ඒ සොඳුරු යෞවනිය මට මුණ ගැසුණේ. ඈ මගේ ජීවිතයට
ආලෝකයක් වූවාය; නව රිද්මයක් එක් කළාය. ඈ නිසාවෙන් මම
ආදරය කළෙමි; ආදරය ලැබුවෙමි; ආදරය වින්දෙමි. ඈ හා ඇසුර මා
සොඳුරු පුද්ගලයකු බවට පත් කළේය. මම ජීවිතය වින්දෙමි. කොතරම්ද යත් මා
නැවත උත්ථානය ලද්දේ යැයි කිවහොත් නිවැරදිය.
නමුත් හිටි
හැටියේ හීනෙන්වත් නොසිතූ අයුරින් මගේ ජීවිතය වෙනස් විය. ඒ වර්ෂාගේ වෙනස්
වීම හේතුවෙනි. ‘ෆ්රෙෂස් ෆෙස්ට්’ දිනයේදී කොළඹට
එල්ල වූ ත්‍රස්ත ගුවන් ප්‍රහාරය ඇගේ මේ වෙනස් වීමට මුල් විය. නමුත් එම සිදුවීම ඈව
මෙතරම් වෙනස් වීමකට භාජනය කළේ
කෙලෙසද යන්න මට සිතා ගත නොහැකිය. මා නොසිතූ අයුරින් ඈ මා
මඟ හැරියාය. වෙනදාට මා
එනතුරු සරසවියේ අප පීඨයේ රූස්ස ගස්
යට බංකුවක හිඳගෙන මඟ බලා සිටින වර්ෂා මා යන විට එහි නොසිටියාය. ඈ මා තනිකර දමා දේශනවලට
සහභාගි වූවාය. මා ඈ හමුවීමට උත්සාහ ගන්නා සෑම අවස්ථාවකම, ඈ මා මඟ හැරියාය. ඈ ඒ සඳහා මට
කිසිදු හේතුවක් නොදැක්වූවාය. එපමණක් නොව ඇගේ සරසවි
ගමනද ටිකෙන් ටික අඩාල විය. ඇතැම් විට ඈ
සතියක් දෙකක් එක දිගට සරසවි පැමිණියේ නැත.
ඉමක් කොනක් නොපෙනෙන
මහ කතරක අතරමංව සිටි
මට පා තැබිය යුතු මඟ කියා දුන් වර්ෂාම, මහ කතරේ මා හට
ක්ෂේම භූමියක් වූ වර්ෂාම, නැවතත් මා එහි මඟක් සොයා ගත නොහැකි
ලෙසින් අතරමං කරවන ලදි. මම දහස් වාරයක්
සිතින් හඬා වැටුණෙමි. හැඟීම්වලදී ප්‍රඥාවන්තයින්ද මෝඩයන් වන කල මා ගැන කවර කථාද? බතා හා ඩෝරා මා
සැනසවීමට උත්සාහ කළද ඒ සියලු ප්‍රයත්නයන්
ගිලෙමින් සිටි මට පිදුරු ගස් දික් කිරීමක් විය.
සති කිහිපයකින් පසු එක් දිනක් හදිසියේ
වර්ෂා සරසවියේ පෙනී සිටියාය. ඈ දැකීමෙන් මට උන් හිටි තැන් අමතක විය. බතා හා ඩෝරා සමඟ
රූස්ස ගස් යට බංකුවක හිඳගෙන සිටි
මම ඔවුන් දමා වර්ෂා වෙත දිව ගියෙමි. මා ඈ වෙත ගොස් ඇගේ අතකින් ඇද්දෙමි. එවිටය ඈ මා දුටුවේ. එවිටය ඇගේ මුහුණ
මා දුටුවේ.
ඇගේ සුන්දර මුහුණ මලානිකව ඇදී ගොස් තිබිණි. ඇගේ චිත්ත සංවේගය පෙන්වන කැඩපත ඇගේ මුහුණය. ඈ මා දැකීමෙන්
බිය වූවාද, පුදුම වූවාද, නැත්නම් දුක් වූවාදැයි මට සිතාගත
නොහැකි විය. ඇගේ මුහුණෙන් නිරවුල් හැඟීමක් ප්‍රකාශ කිරීමට ඈ අපොහොසත් වූවාය. නමුත් ඇගේ දෑස්
කථා කළේය. ඒවා කඳුළු උල්පත් වෙද්දී ඈ මා වෙතින් දිව ගියාය. ඈව තේරුම් ගත නොහැකි වූ මා ඈ දිව යන අන්දම බලා සිටියෙමි.
ඉන් පසු ඇය කැම්පස් ආවා දැයි මම නොදනිමි. ඒ එතැන් පටන් මා එහි නොගිය නිසාවෙනි. බතා හා ඩෝරා අප නිවසට පැමිණ මගේ දුක සැප බලා ගියෝය. මම කැම්පස්
නොගියේ ඒ රූස්ස ගස් යට බංකු දකිද්දී මා ඈත් සමඟ කථා කළ ඒ සුන්දර දෑ මතක් වෙන නිසාවෙනි; ෆැකල්ටිය වෙත යද්දී මා ඈත් සමඟ එකට එහි මල් බකට් වූ අයුරු සිහි වන නිසාවෙනි; ලෙක්චර් හෝල්ස්
දකිද්දී මා ඈත් සමඟ එකට එහි ගිය
අයුරු සිහි වන නිසාවෙනි. සරසවියේ සියලු
දෑ ඈ මට සිහි ගැන්වීය. සරසවියේ සියලු
දෑත් සමඟ ඇගේ මතකයන් ගැබ්ව තිබුණි. ඒ සියලු දෑ මට ඈ
සිහි කරමින් මා හඬා වැට්ටවීමට සමත් වූයේය.
මම කැම්පස් ගොස්
මාගේ අධ්‍යයන කටයුතුවල නිරත වීමට සිත හදා ගත්තෙමි. වර්ෂාගේ
මතකයෙන් පලා යෑම වෙනුවට එය විඳීමට
මට අවශ්‍ය විය. සැබැවින්ම එය
සිත් වේදනා ගෙන දෙන්නකි. මම එම සිත් වේදනාව මහත් ඕනෑකමකින්
වින්දෙමි.
මා සරසවි ගිය
පසු දැනගත්තේ වර්ෂා ද එදා මා දැක
දිව ගිය දවසේ සිට සරසවි නොපැමිණි බවයි. ඈට කුමක් වුණි දැයි මම නොදනිමි. ඇගේ ගෙදර
දුරකථනයද ක්‍රියා විරහිතව තිබුණි. නුගේගොඩ පිහිටි
ඇගේ සොයුරියගේ නිවසට මා දෙතුන් වතාවක්
ගියත් ඒ සැම විටම එම නිවසේ දොර වැසී තිබුණේය. අසල්වැසියන් මාර්ගයෙන්ද යමක් දැන ගැනීමට නොහැකි විය. ඔවුහුද වර්ෂලා
ගැන මට වඩා වැඩි යමක් නොදැන සිටියහ.
දිනක් හදිසියේ මට ලියුමක් ආවේය. එය මගේ
නමට තැපැල් කර තිබුණේ වර්ෂාගේ අත් අකුරින්
බව දුටු වෙලේ මගේ අත් සැලිණි. ලියුම්
කවරය විවෘත කිරීමත් මට අසීරු
කරුණකි. වර්ෂා එහි ලියා තිබූ දෑ මා සිත ව්‍යාකූල කර වීය.
ඉතිරි කොටස එනකම් බලන් ඉන්නව.....
ReplyDeleteඇයි මෙච්චර ඉක්මන්ට ඉවර කරන්නෙ...
ReplyDeleteදැනට යන්න දෙමු :)
ReplyDeleteayyo..........
ReplyDeleteiwarada?
twa adinna kathaawa
:) :)
ReplyDelete